පන්දු රැකීමේ පුහුණුවට ශ්‍රීධර් එයි

43

ඉන්දීය කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ තත්ත්වය උසස් කිරීම සඳහා දින 10ක වැඩමුළුවකට ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

මෙම වැඩමුළුව මැයි 7 වැනිදා ඇරඹෙන අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ, ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ, 19න් පහළ සංචිතයේ සිටින සෑමදෙනාම සහ ක්‍රීඩා සමාජවල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙයට සහභාගි වීමට නියමිතය. තරග 300කට අධික සංඛ්‍යාවක ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කර ඇත.

සුසිල් ජයකොඩි


advertistmentadvertistment