පස් කණ්ඩියේ සැඟව සිටි මරුවා තෙහැවිරිදි දරුවා බිලිගනී

69

කෑගල්ල මංගලගම, කුරුදිය වළහේන ප්‍රදේශයේ පෙරේදා (04 දා) සවස ඉවුරක් කඩා වැටීමෙන් අවුරුදු තුන හමාරක පමණ කවිඳු හේෂාන් නමැති දරුවා මියගොස් ඇති බව කෑගල්ල පොලිසිය පවසයි.

නිවසේ ආරක්ෂාව සඳහා පැති බැම්මක් ඉදිකිරීමට එදින අත්තිවාරමක් කපා ඇත. එදින සවස එම දරුවා ඊට ආසන්නයේ සෙල්ලම් කරමින් සිටියදී ඉවුරේ කොටසක් දරුවා මතට වැටී තිබේ.

අසල්වාසීන් එක්ව දරුවා කෑගල්ල රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එහිදී දරුවා මියගොස් තිබේ. අනතුර පිළිබඳව කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය සහ කෑගල්ල – එම්. බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment