ප්‍රවේශමෙන් ! අදත් කාළගුණය දරුණුයි

339

අද ( 30 ) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එමෙන්ම , දකුණු සහ බස්නාහිර පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එහි දැක්වේ.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


advertistmentadvertistment