පාකිස්තානයේ ප්‍රාන්ත රැසකට ඉහළ උෂ්ණත්වයක්

77

පාකිස්තානයේ සින්ඩ් ප්‍රාන්තයේ උෂ්ණත්වය පෙරේදා (27දා) සෙල්සියස් අංශක 52ක් දක්වා (ෆැරන්හයිට් අංශක 125.6) වාර්තාගත අයුරින් ඉහළ යෑම හේතුවෙන් ජනතාවට හැකිතාක් නිවෙස් තුළට වී සිටින ලෙසත් විජලනය ඇති වීම වළක්වා ගන්නා ලෙසත් බලධාරීන් විසින් උපදෙස් දී තිබේ.

වසර 60ක පමණ කාලයකින් පසු පාකිස්තානයෙන් වාර්තා වී ඇති වැසි අධිකම අප්‍රේල් මාසය වූ ඉකුත් අප්‍රේල් මාසයෙන් පසු එරට උෂ්ණත්වය මෙම දිනවල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

මෙම අධික උෂ්ණත්වය හේතුවෙන් සින්ඩ්, පන්ජාබ් ඇතුළු පාකිස්තානයේ ප්‍රාන්ත ගණනාවක තාප තරංග (හීට් වේව්) තත්ත්වයක් හටගෙන ඇති අතර මෙම තත්ත්වය මත තාප ආඝාතයට (හීට් ස්ට්‍රෝක්) ගොදුරු වීමෙන් වැළකී සිටීම සඳහා හැකිතාක් නිවසෙන් පිටතට යෑමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ විසින් ජනතාවට උපදෙස් දී තිබේ.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පන්ජාබ් ප්‍රාන්තයේ පාසල් වසා දමා ඇති අතර ඒ හේතුවෙන් ප්‍රාන්තයේ මිලියන 26ක් පමණ වන දරුවන්ට නිවෙස්වලට වී සිටීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment