පාකිස්ථාන බඩු අපට එපා !ඉන්දියාව කියයි

238

ඉන්දීය රජය ඊයේ නිකුත් කරන ලද නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්ථානයෙන් සියලුම භාණ්ඩ සෘජු හා වක්‍ර ලෙස ආනයනය කිරීම තහනම් කර තිබේ .
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඉන්දීය රජය එම තීරණයට එළැඹ ඇත්තේ , ජාතික ආරක්ෂාව සහ පොදු ප්‍රතිපත්තිමය ගැටළු පෙරදැරි කරගෙනය . පාකිස්ථානයෙන් ඉන්දියාවට පැමිණෙන සියලුම නැව්ගත කිරීම් , මෙම තහනම හේතුවෙන් අත්හිටුවනු ඇත.

ඉන්දීය මාධ්‍ය එරට වාණිජ අමාත්‍යාංශය වාර්තා උපුටා දක්වන ආකාරයට , 2024 අප්‍රේල් සිට 2025 ජනවාරි දක්වා ඉන්දියාව පාකිස්ථානයට කරන ලද අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 447.7 කි . ආනයනවල වටිනාකම අමෙරිකානු ඩොලර් 420,000 කි .
එමෙන්ම ,ඉන්දියාව පාකිස්ථානයට අපනයනය කරන නිෂ්පාදන අතරට ඖෂධ, ඛනිජ තෙල් නිෂ්පාදන, ප්ලාස්ටික්, රබර්, කාබනික රසායන ද්‍රව්‍ය, ඩයි වර්ග, එළවළු, කුළුබඩු, කෝපි, තේ, කිරි නිෂ්පාදන සහ ධාන්‍ය වර්ග ඇතුළත් ය .
පකිස්තානය ඉන්දියාවට අපනයනය කරන නිෂ්පාදන ලෙස තඹ, වීදුරු භාණ්ඩ, කාබනික රසායන ද්‍රව්‍ය, සල්ෆර්, පළතුරු සහ ඇට වර්ග මෙන්ම ඇතැම් තෙල් නිෂ්පාදනයට ගන්නා බීජ වර්ග දැක්වේ .
මෙම තීරණය හේතුවෙන් දෙරට අතර දැනට පැන නැගී ඇති අර්බුදය තව දුරටත් වර්ධනය වන බව එරට මැදහත් දේශපාලන විචාරකයින් පෙන්වා දේ .එමෙන්ම සීමිත වෙළෙඳ සබඳතා තවදුරටත් බිඳ වැටීමටද එය හේතු වනු ඇති බව පැවසේ .


advertistmentadvertistment