සොරකම් කළ ඒවා බවට සැක ජංගම දුරකථන 82 ක් පානදුර නිවසක තිබියදී නිවෙස් හිමි කාන්තාව සමග අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වෑකඩ ජන උදාන ගම්මානයේ පදිංචි කාන්තාවකි.
පෙරේදා රාත්‍රි ‘අමුත්තන්ගේ රාත්‍රිය’ නමින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. නිවසේ තැන තැන සඟවා මෙම දුරකථන තිබී ඇත.
සැකකාර කාන්තාව පුත්‍රයා සමග නිවසේ පදිංචිව සිට ඇති බවත්, වැටලීම සිදුකරන මොහොතේ පුත්‍රයා නිවසේ සිට නොමැති බවත් පොලිසිය කියයි. ඔහු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකෙර්. සැකකාර කාන්තාව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක්ප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම කර තිබේ.
වාද්දුව සුමිත් පොතුපිටිය