උදම් රළ ගාල්ල කළඹයි

528

උදම් රළ ප්‍රචණ්ඩ වී මුහුදු ජලය ගොඩබිමට ගලාගෙන ඒමෙන් ගාල්ල වරාය පොලිසියේ භූමිය මුහුදු ජලයෙන් යටවිය. පොලිස් ස්ථානයේ පඩිපෙළ දක්වා මුහුදු ජලය ගලාගෙන විත් තිබූ බව ගාල්ල වරාය පොලිසිය පවසයි. වරාය පොලිස් ස්ථාන භූමියේ පොකුණක සිටි මසුන්ද කරදිය ජලය මිශ්‍රවීම නිසා මියගොස් තිබුණි.

උදම් රළෙන් ගමනාගමනයටත් බාධා

උදම් රළ ගාල්ල කළඹයි

මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම නිසා මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ උස්මුදුලාව හන්දියේ සිට අහංගම දක්වා ස්ථාන කිහිපයක් ජලයෙන් සහ වැලි වලින් පිරි යෑම නිසා පෙරේදා(02) සවස ගමනා ගමනයට බාධා පැමිණ තිබිණ. මේ නිසා අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කිරීමට පොලිසිය පියවර ගන්නා ලදි.

මුහුදු රළ මෙසේ ගොඩ බිමට ගලා ඒමත් සමග සුනාමියක් එතැයි බියට පත්වූ මුහුදුබඩ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යෑමට ද පටන්ගත් අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මෙය සුනාමි තත්ත්වයක් නොවන බවය පැවැති අධික සුළං තත්ත්වය හේතුවෙන් මුහුදු රළ ගොඩ බිමට ගලා ඒම සිදුවිය.

මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නගර සභාව මාර්ග සංවර්ධන අධිකාරිය ආයතන එක්ව මාර්ගයේ තිබූ ගල් වැලි සහ අනෙකුත් බාධක ඉවත්කර ඊයේ උදෑසන වනවිට වාහන ගමනා ගමනයට ඉඩ සලසා දීමට පියවර ගන්නා ලදී.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි  – ගාල්ල හිනිදුම -සඳහරවින්ද්‍ර චන්ද්‍රලාල්

ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, හිනිදුම – රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අහංගම – සුගතපාල දීයගහගේ, හබරාදුව – ඒ. එල්. ඒ. ආරියරත්න,

advertistmentadvertistment
advertistmentadvertistment