උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළෙඳපොළ විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ කල් ඉකුත්ව ඇති භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට පියවර ගන්නා බව ද එම අධිකාරිය පවසයි.
මේ වනවිට ක්‍රියාත්මකව ඇති මෙම වැටලීම් ලබන වසරේ ජනවාරි මස 25දා දක්වා ක්‍රියාත්මකව පවතින බවත්, පාරිභෝගික ජනතාවට වෙළෙඳපොළ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී නම්, 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ සිය අධිකාරිය වෙත පැමිණිලි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්