පාසල් රග්බි ක්‍රීඩාවට ඩයලොග් අනුග්‍රහය

2

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා විසින් පාසල් රග්බි සංගමයේ සභාපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කමල් ආරියසිංහ මහතා වෙත අදාළ අනුග්‍රාහක චෙක්පත භාරදුන් අවස්ථාව. ඩයලොග් ආසිආටා පීඑල්සී හි සන්නාම සහ මාධ්‍ය උප සභාපති හර්ෂ සමරනායක මහතා (වමේ සිට දෙවැන්නා), පාසල් රග්බි සංගමය නියෝජනය කරමින් එහි භාණ්ඩාගාරික චානක ධනංජය, ලේකම් මනුජ නිම්මන සහ සමස්ත තරගාවලි ලේකම් නිරෝධ විජේරාම මහතාද ඡායාරූපයේ වෙති.

පාසල් රග්බි ක්‍රීඩාවට ඩයලොග් අනුග්‍රහය

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා සහ මෙරට ක්‍රීඩාවේ ප්‍රබලතම ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, ඩයලොග් වයස අවුරුදු 19න් පහළ පාසල් රග්බි වාරය 2025 වෙනුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය හා අත්වැල් බැඳගන්නා ලදී. පළමුව ලීග් තරගාවලියෙන් ඇරැඹී අනතුරුව පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය පැවැත්වූ ඉකුත් වසරවල පාසල් රග්බි වාරයේ තරග සම්ප්‍රදායෙන් වෙනස්ව, 2025 අප්‍රේල් 25 වැනිදායින් ඇරැඹෙන ප්‍රමුඛතම පාසල් 16ක් අතර වන, පිළිමළුන් පිටුදැකීමේ, ජනාධිපති කුසලාන තරගාවලියෙන් මෙවර තරගවාරය දියත්වීමට යෙදී තිබේ. එයින් පසුව, පාසල් 90ක ක්‍රීඩකයන් 2500කට අධික පිරිසක් තරගවදින 2025 ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලිය පැවැත්වෙනු ඇත.


advertistmentadvertistment