පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා වවුචර්වල කාලය දික්කරයි

166

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාගැනීම සඳහා ලබාදී ඇති තිළිණපත්වල වලංගු කාලය මෙම මස (10දා) බදාදා අවසන් වීමට නියමිත වුවත් එහි වලංගු කාලය අගෝස්තු 10 දක්වා දික්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර මෙම මස 10දා අවසන් වන බවට තිළිණපතේ සඳහන් වවුත් එහි වලංගු භාවය අගෝස්තු 10 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අනුමැතිය ලබාදී ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශ කියයි.

චමින්ද සිල්වා


advertistmentadvertistment