පැරා ක්‍රීඩකයන් ඇගයේ

43

ජපානයේ කෝබේ නුවරදී පැවැති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් තිදෙනාවම සිය මූලස්ථානයට කැඳවූ ඩයලොග් ආසියාටා සමාගම එම ක්‍රීඩකයන් තිදෙනාගේ දස්කම් අගය කළේය.

කෝබේ පැරා මලල ක්‍රීඩා උළෙලේදී ටී-44 කාණ්ඩයෙන් මීටර 100 ඉසව්වට ඉදිරිපත් වූ ඉන්දික ගමගේ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. එෆ්-44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් එහි පැරණි ලෝක වාර්තාව අභිබවා ගිය සමිත දුලාන් රිදී පදක්කම දිනා ගත්තේය. පාලිත බණ්ඩාර එෆ්-42 කාණ්ඩයේදී යගුලිය විසිකිරීමෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.

ශ්‍රී ලංකා පැරලිම්පික් කමිටුවේ ජාතික අනුග්‍රාහකයා වන ඩයලොග් ආසියාටා සමාගම වසර 20 කට වැඩි කාලයක් පුරා සිය අනුග්‍රහය දිගින් දිගටම පවත්වාගෙන යයි. ඩයලොග් සමාගම ජාතික පැරලිම්පික් කණ්ඩායමට සිය මුල්ම අනුග්‍රහය ප්‍රදානය කරන ලද්දේ වසර 2000දී පැවැති සිඩ්නි පැරලිම්පික් තරගාවලිය වෙනුවෙනි.

ශ්‍රී ලංකා පැරා ක්‍රීඩකයෝ පැරලිම්පික් උළෙල වලදී රන් පදක්කමක්, ලෝකඩ පදක්කම් 3 ක්, ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිවලදී රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක්, පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙල වලදී රිදී පදක්කමක් මෙන්ම ආසියානු පැරා ක්‍රීඩා උළෙල වලදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 18 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් දිනාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment