පිටිගල වෙඩි තැබීමට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

169


පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු ඊයේ දහවල් කාලයේදී ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 250ක් ද සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කහදුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පදිංචිකරුවෙකි.


advertistmentadvertistment