පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දිනයේත් පැමිණ ඇත.
පෙරේදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි අතර එහිදී පවසා ඇත්තේ දමිළ භාෂාවෙත් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවය. ඊට අදාළ භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් පසු අද දිනයේ ඔහුට පැමිණෙන ලෙස දැනුම් තිබේ.ඒ අනුව ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත.