ඉන්ධන හිඟයක් නැහැ

92

රටේ ඉන්ධනවල හිඟයක් නැතැයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. මේ වනවිට මුතුරාජවෙල බෝයාවේ අලුත්වැඩියාවන් සිදුකරමින් තියෙන බවත් එය මාර්තු මස මුල අවසන්වීමෙන් පසු තවත් බොර තෙල් නැවක් මාර්තු 07 වැනිදා පැමිණීමට නියමිතව තිබෙන බවත් ඔහු කීය.

දැනට තෙල් සංස්ථාව සතුව මාස එකහමාරක පමණ කාලයක් සඳහා ඉන්ධන පවතින බවත් ූඍ ක්‍රමයට ඉන්ධන බෙදාහැරීම සහ ඉන්ධන මිල ඉහළ යෑම නිසා ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු ආකාරයෙන් අඩුවී ඇති බවත් ඔහු කීය.

බොර තෙල් ගෙනඒමෙන් ඩීසල්, පෙට්‍රල් අවශ්‍යතාවය සියයට විසිපහක් පමණ සපුරා ගන්නා බවත් ඉතිරි සියයට හැත්තපහක පමණ ප්‍රමාණය පිරිපහදු කළ ඉන්ධන ගෙනඒමෙන් සපුරා ගන්නා බවත් ඔහු කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment