මිඩ්වයිෆ්ලාගේ කොඩිතුවක්කු සජබයට එක් වෙයි

165

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උඩුනුවර ආසන සංවිධායිකා, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික සහ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්වූවාය.

ඒ අනුව ඇය සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

ඇය රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනිය, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාරිනිය ආදී තනතුරු රැසක් ද හෙබවා තිබේ.

දේශපාලනික වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සතු ශක්තිමත් දේශපාලන වැඩසටහනට දායක වීම පිණිස තමන් විපක්ෂනායක සමග එක්වූ බව දේවිකා කොඩිතුවක්කු මහත්මිය ‘දිවයින’ ට කියා සිටියාය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment