“පිළිකාව අප සැමට බලපාන දෙයක්” යැයි පිළිකාවක් වැළඳී ඇති බවට නිවේදනය කිරීමෙන් පසු ලොව පුරා නන් දෙසින් තමාට ලැබුණු සහාය සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කර ඇති හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘ඔබලාගෙන් වැඩි දෙනකු මෙන්ම මාගේ බිරිය වන ජිල් හා මම දැනගත් දෙයක් තමයි අප බිඳ වැටෙන අවස්ථාවලදී අප ශක්තිමත් විය යුතු බව. ආදරය හා සහය දක්වමින් මේ මොහොතේ අපව ඉහළට ඔසවා තැබීම සම්බන්ධයෙන් ස්තුතියි” යනුවෙනි.
අසූ දෙහැවිරිදි වියෙහි පසුවන හිටපු ඇමරිකානු ජනාධිපති බයිඩන් වේගයෙන් පැතිරෙන පිළිකාවකින් පෙළෙන බව අනාවරණය කිරීමෙන් පසු ලොව නන් දෙසින් රාජ්‍ය නායකයන්ගෙන් හා විවිධ තරාතිරම්වල පිරිස් වෙතින් ඔහුට සුවය පතා පණිවිඩ නිකුත් කර තිබූ අතර එංගලන්තයේ චාල්ස් රජු විසින් පුද්ගලික ලිපියක් ඔහු වෙත ඒවා තිබිණි.