පුංචිකුලම පාසල් භූමියට අග්බෝ එයි….

196

පාසල් වත්තේ ඇවිද ගියත් කිසිවකට කිසිම හානියක් නොකර වැටෙන් පැන වැවට ගිහින්

තිරප්පනේ අධ්‍යාපන කොට්ඨාසයට අයත් පුංචිකුලම විදුහල් භූමියට පෙරේදා (27 දා) දහවල් අග්බෝ ඇතා පැමිණ තිබේ.

පුංචිකුලම පාසල් භූමියට අග්බෝ එයි….

පුද්ගලයකු පසුපස අග්බෝ ඇතා ලුහුබඳින අයුරු

අග්බෝ ඇතා පාසල් වත්තේ ගොඩනැඟිලි අතරින් පැමිණ එහා මෙහා ඇවිද ගොස් ඇතත් කිසිදු ගොඩනැඟිල්ලකට හෝ පරිසරයට හානියක් කර නොමැත. සෙමෙන් සෙමෙන් පාසල් වත්තේ ඇවිද යන අග්බෝ ඇතා පාසලේ ඉදිරිපිට වූ වැටෙන් පැන පුංචිකුලම වැවට ගොස් තිබේ. ඒ අතරතුර පුද්ගලයකු පසුපස ලුහුබැඳීමට ද උත්සාහ ගෙන ඇතැයි ගම්වාසීහු පවසති.

පෙරේදා පාසල් නිවාඩු දිනයක් වූ හෙයින් ගැටලුවක් නොවූ අතර පාසල පැවැත්වෙන සතියේ දිනක මේ ආකාරයෙන් මහ දවල් ඇතා පැමිණියහොත් දරුවන්ට දැඩි අවදානමක් බව දෙමාපියෝ කියති.

මේ දිනවල තිරප්පනේ පුංචිකුලම,සෙම්බුකුලම යන ගම්මානවල අග්බෝ ඇතා සැරිසරන බව ද එම ප්‍රදේශවාසීහු පවසති.

තිරප්පනේ – සමන් පෙරේරා


advertistmentadvertistment