පුංචි ඡන්දයට නාමයෝජනා හෙට සිට

24

පළාත් පාලන මැතිවරණයට තරග කරන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා පත්‍ර භාරගැනීම හෙට (17දා) සිට ආරම්භ කිරීමට නියමිතය.

මහ නගර සභා 28ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය සභා 272 ක් ලෙස පළාත් පාලන ආයතන 336 ක් වෙනුවෙන් ඡන්ද විමසීම සිදු කෙරේ.

17 වැනිදා සිට 19 වැනිදා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත් 20 වැනිදා මධ්‍යහ්න 12.00 දක්වාත් නාමයෝජනා පත්‍ර භාර ගැනීමට නියමිතය. නාමයෝජනා පත්‍ර භාර ගැනීම අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාලවලදී සිදු කිරීමට නියමිතය.

ඡන්ද විමසීම සිදුකරන දිනය ලබන බ්‍රහස්පතින්දා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

රනිල් ධර්මසේන


advertistmentadvertistment