පුතාගේ දේශපාලන හයිය අවභාවිත කළ වැඩක්: එංජින් චැසි අංක වෙනස් කර වාහන 400ක් ජාවාරම් කරලා

6258

ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

එංජින් සහ චැසි අංක වෙනස් කර එකලස් කරන ලද වාහන 400කට වැඩි ප්‍රමාණයක් විකිණීමේ ජාලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ පියා වන මෙම පුද්ගලයා විසින් වාහන අලෙවි ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් එම ව්‍යාපාරය මුවාවෙන් නීති විරෝධී ලෙස මෙරටට වාහන කොටස් වශයෙන් ආනයනය කර එකලස් කර අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මොහු වරක් ජීප් රථයක් අත් ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයක් යොදා කූට ලේඛන උපයෝගි කර ගනිමින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස් කර ලියාපදිංචි කර භාවිතා කිරීමේ වරදට සැකපිට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීරිගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබුණි.

තම පුතුගේ දේශපාලන බලය අයුතු ලෙස උපයෝගි කර ගනිමින් වසර ගණනාවක සිට ව්‍යාජ අංකයන් යටතේ වාහන ලියාපදිංචි කර ජාවාරම් කර ඇති බවට ද හෙළිවී තිබේ.

මීට පෙර විමර්ශන සිදු කර අනාවරණය කරගත් වාහන 404 කට අදාළ ලේඛන සන්තකයේ තබා අත්අඩංගුවට පත් ප්‍රධාන ජාවාරම්කරුගේ සහෝදරයා ද මොහු වෙයි.

රජය මගින් ක්‍රියාවට නංවා ඇති ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ආර්ථික ස්ථායිකරණයට දායක වෙමින් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

මෙම වැටලීම පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණ යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජයලත්, පොලිස් සැරයන් 428 ජයලාල්, පොලිස් කොස්තාපල් 84889 උදයකුමාර,94009 සියන්ත, 99411 දේශාන්, 100291 ලසිත, පොලිස් කොස්තාපල් රියදුරු 89631 අබේරත්න යන නිලධාරීනන් කණ්ඩායම විසින් සිදු කර ඇත.

චමින්ද සිල්වා


advertistmentadvertistment