පුලියන්කුලම ඕ.අයි.සී. පැදවූ පොලිස් ජීප් රිය ලයිට් කණුවක් කඩාගෙන ගරාජයකට කඩාවදී

1

ගම්මු විරෝධයක

ගියේ රාජකාරි ගමනකටලු – පොලිසිය

වවුනියාව පුලියන්කුලම පොලිසියට අයත් ජීප් රථයක් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නාලක ගුණසේකර මහතා ධාවනය කරමින් සිටියදී, නෙදුන්කර්නි ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවීම නිසා ජීප් රථයට දැඩි හානි සිදුවී ඇත.

ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු රාජකාරි කටයුත්තක් සඳහා ගොස්, එමින් සිටියදී ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අසල නිවසකට අයත් ගරාජයක් තුළට කඩාවැදීමෙන් අනතුර සිදුවී ඇත.

ජීප් රථය විදුලි කනුවක් ද කඩාගෙන නිවසේ ගරාජයට කඩාවැදීමේදී එම ස්ථානයේ නවතා තිබූ යතුරුපැදියකට ද අලාභහානි සිදුවී ඇතැයි වාර්තා වේ. අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැති අතර ජීප් රථයට දැඩි අලාභහානි සිදුවී ඇතැයි නෙදුන්කර්නි පොලිසිය පවසයි.

පුලියන්කුලම ඕ.අයි.සී. පැදවූ පොලිස් ජීප් රිය ලයිට් කණුවක් කඩාගෙන ගරාජයකට කඩාවදී

අනතුරත් සමග නිවස අසල ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ කලහකාරී ලෙස හැසිරීම නිසා, එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද පැමිණ තත්ත්වය පාලනය කර ඇත. අනතුරත් සමග පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා තැති ගැනීමට ලක්වීම නිසා ඔහු රෝහල්ගත කර ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා බීමත්ව සිට ඇති ද යන්න සිදුකළ පරීක්‍ෂාවේදී ඔහු බීමත්ව සිට නැතැයි තහවුරු වූ බව නෙදුන්කර්නි පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ (05දා) පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීම සඳහා වවුනියාව අධිකරණයට කරුණු වාර්තා කළ බව ද එම නිලධාරියා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment