ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදුකිරීමට අවශ්‍ය ඡන්ද පෙට්ටි හා ලිපිද්‍රව්‍ය පොලිස් ආරක්ෂාව මැද අද (20දා) උදෑසන සිට දිස්ත්‍රික් ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද මධ්‍යස්ථාන කරා පිටත් කිරීමට නියමිතය.
ඡන්ද පෙට්ටි සමග ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් ද ආරක්ෂක නිලධාරීන් ද පිටත්ව යන බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.
පාසල්, විහාරස්ථාන ඇතුළු පොදු ගොඩනැඟිලිවල ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන අතර රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් පිහිටුවනු ලබයි.
ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමෙන් අනතුරුව එහි නිලධාරීන් පෙරහුරු වැඩසටහන් සිදුකිරීමට නියමිතය.
ඡන්ද මධ්‍යස්ථාන අවට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් ජංගම පොලිස් මුර සේවා පවත්වාගෙන යන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
රනිල් ධර්මසේන