පොලිස් රෝහලට දොස්තර ලෙඩක්

430

පොලිස් රෝහලේ කලක් තිස්සේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය නිසා එම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීවූ පොලිස් නිලධාරීන් ඉතා අසීරු තත්ත්වයකට පත්වී ඇත.

මෙම පොලිස් රෝහලේ වෛද්‍යවරුන් 73 දෙනකු සේවය කළ යුතු වුවත් දැනට එහි සේවය කරන්නේ 48 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් ද ඇතැම් වෛද්‍යවරුන් වව්නියාව, අම්පාර, කළුතර, කුන්ඩසාලේ පිහිටා ඇති පොලිසියට අයත් වෙනත් ආයතනවල සේවය කිරීමට යොදවා ඇතැයි පොලිස් රෝහලේ වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂමේද්‍ර රණසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

පොලිස් රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් ඉල්ලා ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදී ඇත්තේ වෛද්‍යවරුන් හතර දෙනකු යැයි ද ඉන් දෙදෙනකු සේවයට වාර්තා කර ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය මත පොලිස් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පොලිස් නිලධාරීන් බොහොමයක් මෙම රෝහල පිළිබඳව වැරදි වැටහීමක් ඇති කරගෙන ඇති බවද ඔවුන් එසේ සිතීම සාධාරණ යැයි ද පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment