ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැති බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම අතර තරගයේ ලකුණු 89ක ජයක් බංග්ලාදේශ කණ්ඩායමට හිමි විය.බංග්ලාදේශයට එරෙහිව ලකුණු 334ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 44.3 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 245කි.ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමි විය.
|