ටෙස්ට්-එක්දින-විස්සයි – 20 තරගාවලි සඳහා
ලබන ජුනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් සහ විස්සයි-20 තරග 3කින් සමන්විත තරගාවලියක් මෙරටදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
බංග්ලාදේශ කණ්ඩායම ජුනි මස 13 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර තරගාවලිය ජුනි 17 වැනිදා සිට ජූලි 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මේ වනවිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 06 වැනි තැන රැඳී සිටින අතර බංග්ලාදේශය 09 වැනි ස්ථානයේ රැඳී සිටියි. ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි තැන ලබාගෙන සිටින විට බංග්ලාදේශයට දසවැනි තැන හිමි වී තිබේ. තවද ශ්‍රී ලංකාව විස්සයි – 20 තරගවල 07 වැනි තැන හිමිකරගෙන සිටියදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 09 වැනි ස්ථානය හිමි කරගෙන ඇත.
තරග කාල සටහන
ජූනි 17-21 පළමු ටෙස්ට් තරගය ගාල්ල
ජූනි 25-29 දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්.එස්.සී.
ජූලි 02 පළමු එක්දින තරගය දිවා/රාත්‍රී ආර්. ප්‍රේමදාස
ජූලි 05 දෙවැනි එක්දින තරගය දිවා/රාත්‍රී ආර්. ප්‍රේමදාස
ජූලි 08 තෙවැනි එක්දි තරගය දිවා/රාත්‍රී පල්ලේකැලේ
ජූලි 10 පළමු විස්සයි-20 තරගය රාත්‍රී පල්ලෙකැලේ
ජූලි 13 දෙවැනි විස්සයි-20 තරගය රාත්‍රී රංගිරි දඹුල්ල
ජූලි 16 තෙවැනි විස්සයි-20 තරගය රාත්‍රී ආර්. ප්‍රේමදාස
සුසිල් ජයකොඩි