බද්දට එරෙහි වෘත්තීය සමිති විරෝධතාවත් අද

113

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, ඛනිජ තෙල්, විදුලි ඇතුළු වෘත්තීය සමිති එකමුතුව අද (08 දා) දැවැන්ත විරෝධතාවක් සහ වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර ඇත.

අද අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයකින් ආරම්භ කෙරෙන මෙම විරෝධතාවට රජය යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, සියලු සේවකයන් එක්වන වැඩවර්ජනයක් දක්වා විරෝධතාව ඉදිරියට පවත්වාගෙන යන බව එම වෘත්තීය සමිති එකමුතුව පෙරේදා (06 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ සභාපති ප්‍රසංග මැදවත්ත මහතා,

“අද අපට ජීවත්වෙන්න අමාරුම තත්ත්වයක් ඇවිල්ලා. ජීවන වියදම දරන්න බැහැ. දරුවන්ට, අම්මා තාත්තාට බෙහෙත් ටික දෙන්න බැහැ. හැමදේම මිල අහස උසට. මෙවන් තත්ත්වයක් යටතේ ගහන අසාධාරණ බද්ද අපට කොහොමටවත් උහුලගන්න බැහැ.”

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා –

“අපි අද ලෙඩ නිවාඩු වාර්තාකරලා සියලු සේවකයන් කොළඹ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට එනවා. කුමන තත්ත්වයක් යටතේ හේ විදුලිය විසන්ධිවීමකට යන්න ඉඩ හරින්නේ නැහැ. ඒ වගේම පළමු වැනි පැයේදී ජනතාව ගැන සිතා බිඳ වැටීම් සේවා සහ බලාගාර පවත්වාගෙන යෑමටත් කටයුතු කරනවා. මේ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලාගත යුතුයි.

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල මහතා

“අද පැවැත්වෙන විරෝධතාවේදී රජය අපට ඇහුම්කන් දෙන්නේ නැතිනම් සමස්ත වැඩකරන ජනතාවම මහා වැඩ වර්ජනයකට යනවා. රජය ඊට පෙර බදු ප්‍රතිපත්තිය ඇතුළු රටවැසියාට බලපාන අසාධාරණ කටයුතු හකුලා ගත යුතුයි.

සුජීව තත්සර, චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment