බඩේ තිබූ තෙල් ලීටර් දහතුනහමාරක් සැත්කමකින් ඉවතට

605

මෙය ලෝක වාර්තාවක් විය හැකියි – විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන

සාමාන්‍යයෙන් ශරීරයේ අනවශ්‍ය තෙල් ඉවත් කිරීම සිදුවන්නේ ලීටර් 4 හෝ 5 ක් වුවද තෙල් ලීටර් 13.5 ක් අයින් කිරීම ඉතාමත් කලාතුරකින් සිදු වන අතර මෙය ලෝක වාර්තාවක් වන්නට ඉඩ ඇතැයිද කෑගල්ල රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය.

බඩේ තිබූ තෙල් ලීටර් දහතුනහමාරක් සැත්කමකින් ඉවතට

ඒ මහතා එසේ පැවසුයේ පානදුර ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි විශ්‍රාමික පාසල් ගුරුවරියකගේ උදරයේ තිබු විශාල තෙල් ප්‍රමාණයක් ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමෙන් පසුවය. ඇය අධික රුධිර පීඩනය, අධික තරබාරුව, කොන්දේ වේදනාව, ඇවිදීමට අපහසුවීම වැනි රෝග ගණනාවකින් වේදනාව විඳ ඇත. මේ සඳහා විටින් විට දේශිය හා බටහිර වෛද්‍ය ක්‍රම කළ නමුදු සුවයක් නොලැබු බැවින් කෑගල්ල රෝහලේදී ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා මුණ ගැසීමෙන් පසු මෙම ශල්‍යකර්මය සිදුකරගෙන ඇත. ඒ සඳහා ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පැවසුයේ මෙවැන්නකි. ඇය මා මීට මාස 3 කට පෙර මුණ ගැහුනා. ඇගේ ප්‍රශ්නය අධික තරබාරු බවත් (Morbid obesity), ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 52 ක් බවත් මා විනිශ්චය කළා. ඒ අනුව මීට මාස 3 කට පෙර ඇය මහත අඩු කරන (Bariatric surgery) සැත්කමකට මහනුවර පෞද්ගලික රෝහලකදී භාජනය කරා. මෙට අවදානම් වුවත් සාර්ථකව එය කරන්න පුලුවන් වුණා.

ඉන්පසු ඇයගේ බර සීග්‍රයෙන් අඩුවුණා. ඇයට ඇවිදීමට හැකියාව ඇතිවුණා. එහෙත් ඇගේ උදරය තවදුරටත් විශාල නිසා ඇය උදරයේ තෙල් ඉවත්කරන (Liposuction) සැත්කමට ඊයේ (12 දා) දින මහනුවර පෞද්ගලික රෝහලකදී භාජනනය කළා. මෙමගින් තෙල් ලීටර් 13.5ක් සාර්ථකව ඉවත් කරා. මෙය ඉතා ලොකු ප්‍රමාණයක්. ලෝකයේ සාමාන්‍යයෙන් ඉවත් කරන්නේ ලීටර් 4ක් 5ක් වැනි ප්‍රමාණයක්. නමුත් මෙම කාන්තාවගේ සහනය සඳහා මෙම ප්‍රමාණය ඉතා සාර්ථකව ඉවත් කළා. මෙමගින් කිසිදු සංකුලතාවයක් මතු වුණේ නෑ. ඇය සුවයෙන් පසුවෙන අතර දැනටමත් ඉතා ලොකු සහනයක් ලැබී තිබෙන බව ඇය මා සමඟ පැවසුවා. ඊයේ (12 දා) දින ඇය රෝහලින් පිටව යෑමට නියමිතව තිබුණා.

කෑගල්ල – එම්. බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment