බිරිඳගේ මරණයට සැමියා මාස පහකට පසු අත්අඩංගුවට

519

මහනුවර අලවතුගොඩ ඇල්ල කඩේ ප්‍රදේශයේදි ඝාතනයකොට නිවස ආසන්නයේ කුඹුරක මඩේ සඟවා තිබියදී පොලිස් නිල සුනඛයකු විසින් සොයා ගනු ලැබුධනුෂිකා මධුවන්ති නැමැති අයගේ මරණයට සැක පිට ඇයගේ ස්වාමි පුරුෂයා අලවතුගොඩ පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ.මිය ගිය විසිහය හැවිරිදි කාන්තාවගේ මළ සිරුර පසුගිය මාර්තු මස 11 දින සොයා ගනු ලැබු අතර සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට ප්‍රදේශයේ පදිංචි වී හිටපු හමුදා සෙබළෙකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ වේ ඝාතනය සිදු වූ දිනට පසු දිනය. එතැන් සිටඅලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතා ගේ මෙහෙයවීමෙන් තවදුරටත් විමර්ශනය සිදු කෙරිණි.ඒ අනුව සිද්ධියෙන් මාස පහකට පසු මියගිය මධුවන්තිගේ ස්වාමිපුරුෂයා ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙයි..

advertistmentadvertistment
advertistmentadvertistment