කොත්තු, ප්‍රයිඩ් රයිස් මිල අඩු කරයි

645

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10%කින් අඩුකිරීමට ආපනශාලාහිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.ඒ අනුව රු 700කට පැවති කොත්තුවකින් රුපියල් 70ක මුදලක් අඩුකර ඇති බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.එමෙන්ම රු 1000කට පැවති කොත්තුවෙන් රු 100ක මුදල් අඩුවන බව ද ඒ මහතා සඳහන් කළේය.ගෑස් මිල සංශෝධනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබාදීමට එම තීරණය ගත් බව ද අසේල සම්පත් මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment