ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණය – සභාපති සහ භාණ්ඩාගාරික හිටපු පුටුවලටම

154

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලවරණය පෙරේදා (29 වැනිදා ) රාත්‍රියේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේ පැවැති අතර සභාපති ධුරය සඳහා හිටපු සභාපති රොහාන් ද සිල්වා මහතා යළි නිතරගයෙන් තේරී පත් විය.

රොහාන් ද සිල්වා මහතා 2019 වසරේ සිට බැඩ්මින්ටන් ආයතනයේ අඛණ්ඩව සභාපති ධුරය හොබවයි.

භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මංගල ගමගේ මහතා මෙවර ද එම තනතුර සඳහා තේරී පත්විය.

උපසභාපතිවරු 7 දෙනකු ද මෙහිදී තේරී පත් වූ අතර නව ලේකම්වරයා ලෙස අජිත් විජයසිංහ මහතා පත් වූ අතර උපලේකම් ධුරය සඳහා ජාලිය ජයසේකර මහතා සහ ඩබ්.පී.ජී. පුංචිහේවා මෙනෙවිය තේරී පත් වූහ. උප භාණ්ඩාගාරික ධුරයට හිටපු ජාතික ශුරියක වන රේණු චන්ද්‍රිකා ද සිල්වා මහත්මිය සහ ආර්.එම්.එස්.ජී. රත්නායක මහතා පත් වූහ.

බැඩ්මින්ටන් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය.

සභාපති – රොහාන් ද සිල්වා

උපසභාපතිවරු – රොෂාන් ගුණවර්ධන, රොෂාන් ප්‍රනාන්දු, දිනේෂ් ජයවර්ධන, බුද්ධික ද සිල්වා, චාමර අලුත්ගේ, මොහාන් විජේසිංහ, අලියා ෆයිසර්.

ලේකම් – අජිත් විජයසිංහ

උපලේකම් – ජාලිය ජයසේකර, ඩබ්.පී.ජී. පුංචිහේවා

භාණ්ඩාගාරික – මංගල ගමගේ

උපභාණ්ඩාගාරික – රේණු චන්ද්‍රිකා, ආර්.එම්.එස්.ජී. රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment