අඹේවෙලත් මැණික් ගරයි

782

රජය සතු අඹේවෙල කිරි ගොවිපොළේ මැණික් ගැරීම සිදුවන බැවින් වහාම ඒ සම්බන්ධව විමර්ශණයක් සිදු කර එම කටයුතු අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඩබ්. සිරිල් මහතාට උපදෙස් දුන්නේය.දැනට අපේ රටේ වැඩිම හා වටිනාම මැණික් ප්‍රමාණයක් අඹේවෙල කිරි ගොවිපලට අයත් භූමියේ ඇතැයි සැළකේ. මේ වනවිට එම ගොවිපොළ පුද්ගලික අංශයට බදු දී ඉතාමත් සාර්ථකව කිරිගව පාලනය සිදු කරනු ලබයි. නමුත් ඇතැම් බාහිර පුද්ගලයින් මෙම ඉඩමට හොර රහසේ ඇතුළුව මැණික් ගැරීම සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙන බැවින් එම කටයුතු නැවැත්වීම සඳහා වහාම මැදිහත්වන ලෙස අමාත්‍යවරයා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment