බණකට වැඩි හිමිනමකට මැර පිරිසක් සමග පැමිණ පහර දී – පෝය දවසේ මහා පවක් සිදුකරගත් කුරුළුගම දේවදත්තලා

956

පොලිස් යතුරුපැදියකුත් සඟවලා – පිරිස විසුරුවන්න අහසටත් වෙඩි තබලා

පොළඟෙකු දෂ්ට කර මිය ගිය 43 හැවිරිදි අයකුගේ, වප් පෝය දිනට යෙදුන හත් දවසේ දානමය පිංකමේ ධර්ම දේශනාවක් කිරීම සඳහා කලවැදි උල්පත ගම්මානයට වැඩම කළ පදවිය වනවාසී භික්ෂුවකට කුරුලු‍ගම ගම්මානයේ භික්ෂුවක් සහ 100 ට ආසන්න මැර කණ්ඩායම්ක් පැමිණ පහර දී ඇති බවත් එම තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට පවා පොලිසියට සිදු වූ බවද කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ බොරලු‍කන්ද ඓතිහාසික නිකසලා ආරණ්‍ය සේනාසන, පදවිය නිකසල මාතාචිත්ත විවේකාශ්‍රම, වහල්කඩ ඉසිගිරිකන්ද සේනාසන හි වැඩ වාසය කරන වනවාසී පදවිය විජිත බුද්ධ හිමියන්ය.

පොළඟෙකු දෂ්ට කර මියගිය 43 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් මේ වන විටත් කලවැදි උල්පත ගම්මානයේ පදිංචිව සිටිති. මෙම ගම්මානයට දායක පන්සල වන්නේද කුරුලු‍ගම ගම්මානයේ විහාරස්ථානයයි. එම විහාරස්ථානයේ මීට පෙර වැඩ සිටි ස්වාමින් වහන්සේ ගම්මුන් විසින් ආරවුලක් ඇති කර ගනිමින් ඉවත් කර මේ වන විට නව ස්වාමින් වහන්සේ නමක් ගම්මුන්ගේ අභිමතය පරිදි වැඩම කරවාගෙන ඇත. එම විහාරස්ථානයට කලවැදි උල්පත ගම්මානයේ පදිංචි ස්වාමියා මියගිය අයගේ පවුලේ උදවියට දාන වේල් 03 ක් මීට පෙර දීමට නොහැකි වී ඇත. මේ අතර එම විහාරයේ දායක සභාවේ ඇතැම් පිරිස් එක්ව එම හේතුව මුල් කර ගනිමින් පොළඟා දෂ්ට කර මියගිය පුද්ගලයාගේ හත් දවසේ දානයට මෙම කුරුලු‍ගම නව ස්වාමින් වහන්සේ වැඩම කිරීමට නම් දාන වේල තුනට රුපියල් 15,900 ක දඩ මුදලක් සමග හිග වූ 40,000 ක මුදල එම සමිතියට ගෙවීමට නියම කර ඇත. එසේ නොගෙවන්නේ නම් ස්වාමින් වහන්සේ පිං කමට වැඩම නොකරන බවද එම පිරිස දන්වා ඇතැයි කියනු ලැබේ.

එම මුදල ගෙවීමට නොහැකි වීම හේතුවෙන් අනතුරුව දැඩි ආර්ථික අර්බුද හමුවේ ජීවත් වෙන මෙම පවුලේ අය කලවැදි උල්පත ගම්මානයේ ගම්වාසින් සමග එක්ව බොරලු‍කන්ද ඓතිහාසික නිකසලා ආරණ්‍ය සේනාසන, පදවිය නිකසල මාතාචිත්ත විවේකාශ්‍රම, වහල්කඩ ඉසිගිරිකන්ද සේනාසන හී වැඩ වාසය කරන වනවාසී පදවිය විජිත බුද්ධ හිමියන්යට මෙම පිංකම් මාලාවට වැඩම කරන ලෙසට ආරාධනා කර ඇත. එම ආරාධනාව පිළිගෙන එම ගම්මානයට වැඩම කරමින් අසරණ වූ පවුලට සහ ගම්මානයේ පිරිසට ධර්ම දේශනාව පවත්වා පිටත්ව යාමට සූදානම් වූ වනවාසී පදවිය විජිත බුද්ධ හිමියන් හට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.

වප් පෝදා (28) කැබිතිගොල්ලෑව කුරුලු‍ගම ගම්මානයේ ස්වාමීන් වහන්සේ නමකට පහර දෙන බවට 119 දුරකථන අංකයට ඇමතුමක් ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක මහතා පොලිස් නිලධාරින් දෙදෙනෙකු සමග 119 පොලිස් යතුරු පැදිය එම ස්ථානයට යවා ඇත. එහෙත් තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ස්ථානාධිපතිතුමන් ඇතුලු‍ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇත. ඒ වන විටත් මෙම මැර කණ්ඩායම 119 යතුරුපැදිය තම භාරයට ගෙන සඟවා තබා ඇත. එහිදී තත්ත්වය පාලනය කර ගැනීමට පොලිසිය අහසට පවා වෙඩි තැබූ බව කියයි. අනතුරුව එම ස්ථානයට පැමිණ වනවාසි ස්වාමින් වහන්සේට පහර දීමට පැමිණි සිටි කුරුලු‍ගම නව ස්වාමින් වහන්සේ පාලනය කර ගනිමින් පොලිසිය කුරුලු‍ගම ගම්වාසීන්ද 100 ක පමණ පිරිසක් පාලනය කර සඟවා තිබූ 119 යතුරු පැදියද කුරුලු‍ගම පන්සල් වත්තේ සඟවා තිබියදී සොයාගෙන තුවාල ලබා සිටි වනවාසි භික්ෂුව කැබිතිගොල්ලෑව මූලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් කර ඇත.

මේ වන විට පහර දීමට පැමිණි ස්වාමින් වහන්සේ පවා රෝහල් ගත වී ඇති බවත් මේ සිදුවීම පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය පැවැසීය.
මැදවච්චිය-ගයාන්


advertistmentadvertistment