බන්ධනාගාරගත වූ 53%ක් මත්ද්‍රව්‍ය වැරදිකරුවෝ විගණනයෙන් හෙළිවෙයි

133

මෙරට (2022) ඉකුත් වර්ෂයේදී බන්ධනාගාරගතවූ රැඳවියන්ගෙන් සියයට 53ක් එනම් රැඳවියන් 13,794 දෙනකු බන්ධනාගාරගතවී ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ දී (2022) රැඳවියන් 26176 දෙනකු බන්ධනාගාරගතවී තිබුණි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතවූ රැඳවියන්ගෙන් 4406 දෙනකු සිරකකරුවන් වන අතර 9388 දෙනෙක් සැකකරුවෝ වෙති.

බන්ධනාගාර තුළ ඇතිවී තිබෙන අසාමාන්‍ය තදබදයට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා බන්ධනාගාරගත වන්නන් වැඩි වීම ප්‍රධාන හේතුවක් වී ඇත. බන්ධනාගාරයේ ප්‍රධාන අරමුණ කරා ළඟාවීමට මෙන්ම බන්ධනාගාර අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ක්‍රියාකාරිත්වයට මෙම තත්ත්වය බාධාවක් වී ඇති බවත් විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල


advertistmentadvertistment