බයිඩන් ගෙන් පොරොන්දු මල්ලක්

277

තමා ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් නොවන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කළ හැකි එකම පුද්ගලයා තමා බවත් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ මිචිගන් ප්‍රාන්තයේ පැවැති ජනාධිපතිවරණ රැළියකදීය.ඩිමොක්‍රටික් පක්ෂයෙන් නම් කළ අපේක්ෂකයා තමා බවත් එනිසා තමා ජනපතිවරණ සටනින් පලා නොයනය බවත් කීවේය.එසේම ඉදිරි වසර හතරේදී ද ඇමෙරිකාවේ ජනාධිපති තමා බවත් පැවසීය.ජනතාවට බලපා ඇති බදු බර අඩු කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී ජනාධිපති ජෝ බයිඩන් ජනතාවට පොරොන්දු විය.ගාසා තීරයේ පවතින යුද්ධය අවසන් කළ යුතු බවත් ඔහු කීවේය.


advertistmentadvertistment