පොදු ප්‍රවාහන සේවාවල ගමන්කරන දරුවන්ට සහ කාන්තාවන්ට ලිංගික හැරහැර කරන පුද්ගලයන් සහ ගැටකපන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී පෙරේදා (07 දා) පමණක් පුද්ගලයන් හතළිස් දෙනෙකු කොටුකර ගැනීමට පොලිසිය සමත්වී ඇත.
මෙහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 18 දෙනෙකු ලිංගික අතවර සිද්ධීන් සම්බන්ධයෙන් ද 24 දෙනකු
ගැටකපන්නන් බව ද පොලිසිය පවසයි.
පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන දරුවන් සහ කාන්තාවන් විවිධ පුද්ගලයන්ගේ ලිංගික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් පොලිසියට ලැබෙන පැමිණිලි දිගින් දිගටම ඉහළ යමින් තිබෙන නිසා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබිණි.
සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවයේ ගමන් කිරීමට යොදවා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.
හේමන්ත රන්දුණු