කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි සිදු වූ බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු අද (14දා) පෙරවරුවේ මිය ගිය බව කොත්මලේ පොලිසිය කියා සිටී.
මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21ක තරුණයෙකු වන අතර බස් රථ අනතුරින් මේ වන විට 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. අනතුරින් 40 කට ආසන්න පිරිසක් නාවලපිටිය, ගම්පොළ, නුවරඑලිය යන මූලික රෝහල්වලද පේරාදෙණිය සහ මහනුවර යන ශික්ෂණ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.