ලීසිං පදනම මත ලීසිං ආයතන තුනක් මගින් ලබාගෙන ඇති බස් රථ 3ක් සඳහා ලීසිං කාලය අවසන් වීමෙන් පසු එම බස් රථවල පරම අයිතිය වෙනස් කළ පැමිණිලිකරුගේ නමට පවරා ගැනීමේ කටයුතු කරදීමට රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ලබාගත් බව කියන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මෝටර් රථ කොමසාරිස්වරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂ කැකුණවෙල මහතා නියෝග කළේය.
නියෝජ්‍ය ප්‍රවාහන කොමසාරිස්වරයකු, සංවර්ධන සහකාරවරයකු හා තැරැව්කරුවකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අල්ලස් කොමිසම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කියාසිටියේ මගී බස් රථ විශාල ප්‍රමාණයක හිමිකරුවකු වන පැමිණිලිකරුගෙන් එම කටයුතු කරදීමට මුලින් රුපියල් 50,000ක මුදලක් ලබාගෙන ඇති බවත් අනතුරුව ඉතිරි මුදල ලබාගෙන ඇති බවත්ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ.ජේ.ඒ. අබේනායක සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්