බහින් බස්වීම දුරදිග ගොස් භික්‍ෂුවට පහරදුන් පූගොඩ බස් සේවකයන් තිදෙනාට ඇප

60

පෞද්ගලික මගී බස් රථයක ගමන් කළ භික්ෂුන් වහන්සේ නමකට පහරදීම සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද එහි රියදුරු කොන්දොස්තර හා වේලා සටහන්කරු යන තිදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට මහර අංක 02 අධිකරණයේ මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය නියම කරනු ලැබුවාය.

තවද මේ සිද්ධිය සමථ මණ්ඩලයට යොමුකරන ලෙසට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එහි වැඩිදුර විභාගය ලබන දෙසැම්බර් මස 03 දා කල්තබන ලදී.

දෙකටන ප්‍රදේශයේ පදිංචි ජේ. සමරසිංහ, සී. ජනප්‍රිය හා එල්. ගුණතිලක යන තිදෙනා මෙසේ ඇප මත මුදා හැරිණි.

පූගොඩ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ටිකට් පත නොදීම සම්බන්ධව ඇතිවූ බහින් බස්වීමක් මත මෙය සිදු වී ඇත.

බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මේ තිදෙනා එහි රථවාහන අංශයේ පොලිස් සැරයන් වේරපිටිය මහතා (60352) විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති


advertistmentadvertistment