බුදුන්වහන්සේ දේශනා කළ මෛත්‍රිය කරුණාව හා ජේසුස් වහන්සේ දෙසූ දයාව ප්‍රේමය තුළ සහෝදරත්වයට කැපවෙමු – රොබින් ප්‍රනාන්දු පියතුමා

127

ආගමික සංහිඳියාව සංකේතවත් කරමින් වත්තල, පල්ලියවත්ත ශුද්ධ වූ ජුසේ වාස් පෙදෙසේ “වෙසක් තෙමඟුල් උත්සවය” නිමිත්තෙන් කාර්මේල් සුබ සාධක සමිතිය 11 වැනි වරටත් සංවිධානය කළ මහා බත් දන්සැල මැයි මස 24දා දහවල් දහසකට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එය විවෘත කළ වැල්ලපල්ලිය මීසම් සහයක, දොන් බොස්කෝ සැලේසියානු නිකායික රොබින් ප්‍රනාන්දු පියතුමා ආගමික වතාවත් ඉටුකරමින් ආහාර ආසිරි ගැන්වූ අයුරු සේයාරුවෙන් දැක්වෙයි.

ලොව ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ නමක් වූ බුදු හිමියන්ගේ සුවිශේෂ සමරු දිනයක උන්වහන්සේ පෙන්වා දුන් මෛත්‍රිය කරුණාව හා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දුන් දයාව ප්‍රේමය කැටි කරගත් සහෝදරත්වය බෙදා හදා ගැනීම මෙම පුණ්‍ය කටයුත්ත හරහා ආදර්ශයක් කොට පෙන්වා දීම ඉතා අගය කළ යුතු බැව් එහිදී කෙටි අනුශාසනාවක් කළ රොබින් ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේය.

පළමුව පැමිණි වැඩිහිටියකු වෙත තමන් විසින්ම ආහාර බෙදාදී පිළිගැන්වීමට පියතුමා කටයුතු කළේය.

හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

සේයාරූ – හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්


advertistmentadvertistment