මාධ්‍ය කර්මාන්තයට එන අභියෝග පරදන නව ප්‍රතිපත්ති අවධාරණය කෙරෙයි

59

ශ්‍රම හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය අවදානමට ලක්ව ඇති බවත් එම තත්ත්වය වළක්වා ගැනීමට විධිමත් පියවර සහ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් ලොව විශාලතම මහජන සබඳතා සංවිධානය වන Public Relations & Communications Association (PRCA) හා දේශීය නියෝජිත Thanzyl Thajudeen මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ විවිධ අභියෝග ගණනාවක් අපට දැකිය හැක. විශේෂයෙන්ම උපාධිධාරින් සහ මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන වෘත්තිකයින් අතර විවිධ දුර්මත ගණනාවක් පවතියි. එම නිසා ප්‍රවීණ මාධ්‍ය වෘත්තිකයින් සහ මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයේ පිරිස් දායකවෙමින් දැනුම අලුත් පරපුරට ලබාදීම සිදුකළ යුතුය. එහිදී නීතිය, සමාජ විද්‍යා සහ මනෝවිද්‍යා ආදී විෂයන්ද අලුත් මාධ්‍ය වෘත්තිකයින්ගේ දැනුමට එක්කිරීම වැදගත් වේ. ඒ වගේම අභියෝග හමුවේ නොසැලී සිටීමේ ගුණයත් මාධ්‍යවේදියෙකු සතු වැදගත් ගුණාංග ලෙස හැඳින්විය හැක.

අනපේක්ෂිත කොවිඩ් වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වුණු විවිධ ක්ෂේත්‍ර අතුරින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය විශේෂ වේ. කෙසේ නමුත් එහිදී පැනනැඟුණු පුවත්පත් කඩදාසි සපයාගැනීමේ ගැටලුව, ආදායම් ගැටලුව හෝ මුද්‍රිත මාධ්‍ය පරිශීලකයින්ගේ අඩුවීම ආදිය තවදුරටත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයට අදාළ සුවිශේෂී ගැටලු නොවේ. වර්තමානයේ පවතින ගැටලුව වන්නේ ශ්‍රම හිඟතාවයි. වර්තමානයේ මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් එක්වන්නන් තුළ පවතින අරමුණු සහ අපේක්ෂාවන් මහපොළොවේ යථාර්ථයට වඩා බෙහෙවින් වෙනස්ය. එමෙන්ම තවත් සැලකිය යුතු විවිධ කාරණාද අද තිබේ.

මාධ්‍ය කර්මාන්තය මඟින් අධ්‍යාපනය, උපදේශනය සහ විවිධත්වය වෙනුවෙන් ආයෝජනය කිරීම සිදුවිය යුතු බවද එහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment