බෞද්ධ කොඩිය විකෘති කර පාවහන් දැන්වීමකට යොදලා

1

පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණි ජනතා ඉලක්ක කර ගනිමින්, බෞද්ධ කොඩිය විකෘති කර, එය පාවහන් දැන්වීමක් සඳහා භාවිත කිරීමේ සිදුවීමක් අනුරාධපුර නගරයෙන් වාර්තා වේ.

සතියකට වැඩි කාලයක සිට අනුරාධපුර මහා වීදියේ ඇති මෙම වෙළෙඳ සැල ඉදිරිපිට මෙම බෞද්ධ කොඩිය විකෘති කර, එය පාවහන් දැන්වීමකට යොදා ගෙන ඇති බව නගර වැසියෝ පවසති.

මෙම ස්ථානයෙන් දිනකට වග කිවයුතු රාජ්‍ය නිලධාරීන් , අනුරාධපුර නගරයේ වෙහෙර විහාරස්ථානවල වග කිවයුතු හාමුදුරුවරුන් ගමන් කළ ද ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බව බෞද්ධාගමට ලැදි නගර වැසියෝ පිරිසක් පෙන්වා දුන්හ.

මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment