කන්තලේ රිය අනතුරකින් තරුණයා මරුට

94

ඉකුත් දිනෙක කන්තලේ නගරයේදී රිය අනතුරට ලක්ව කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකු මිය ගොස් ඇතැයි කන්තලේ රෝහල් පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ කන්තලේ, පෝටන්කාටුවේ පදිංචි මොහොමඩ් රිස්කන් නම් 24 හැවිරිදි එක් දරු පියෙකි.

මිය ගිය අයගේ පාද යුගලට දැඩි ලෙස හානි සිදුවීමෙන් පාද මුළුමණින්ම ඉවත් කර දින හතකට කිට්ටු කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇති බව පරීක්ෂණ පවත්වන කන්තලේ පොලිසිය කියයි. මිය ගිය අයගේ පියාගේ හා ඔහුගේම සොහොයුරන් දෙදෙනකුගේද මීට වසර කිහිපයකට උඩදී මෙලෙසින්ම වාහන වල ගැටී පාදවලට හානි සිදුවී ඇති බවට ප්‍රදේශවාසීහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment