භාණ්ඩ හා සේවා මිල අද සිටම අඩු විය යුතුයි

115

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති

“පෙට්‍රල් හා ඩීසල් අඩු කරල තියෙන වෙලාවෙ අද (02 දා) ඉඳලම භාණ්ඩ හා සේවාවල මිල අඩු වෙන්න ඕනෑ…” යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ‘දිවයින’ ට පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

ඩීසල් ලීටරයක් පෙට්‍රල් ලීටරයක් අඩු කළ මිලට සාපේක්ෂව සියලුම භාණ්ඩ හා සේවාවල මිල අද ඉඳලම අඩු විය යුතුයි. ප්ලේන්ටියක් රුපියල් 10 කින් අඩුවිය යුතුයි. කොත්තු රොටියක් රුපියල් 20 කින් අඩුවිය යුතුයි. ඒ අනුව භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහත දාන්න සියලු ව්‍යාපාරිකයන් කටයුතු කළ යුතුයි.

මේ සහනය දීලා තියෙන්නෙ පාරිභෝගිකයාට. පාරිභෝගික අධිකාරියට අපි කියන්නෙ දැන් නිදාගත්තා ඇති නැගිටලා ඉන්න කියලයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment