මංගල ලෝක කුසලාන තරගයෙන් ඇමරිකාව ජය ගනී

157

2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කැනඩාවට එරෙහිව කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සත්කාරක ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ (2දා) සමත් වූයේය.

මෙම තරගය ඇමරිකාවේ ඩලාස් හිදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ (02 දා) උදෑසන පැවැත්විණි.

ඇමරිකාව ලෝක කුසලාන ක්‍රිකට් (එක්දින හෝ විස්සයි 20 ඕනෑම අංශයකින්) තරගයකට සහභාගි වූ පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වූ අතර එම පළමු තරගයෙන්ම ජය ගැනීමට ඔවුහු සමත් වූහ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කැනඩාව සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 194 ක් රැස් කළ අතර පන්දු වාර 17.4 ක් අවසානයේ කඩුළු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට ඇමෙරිකාව සමත්විය. විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඒරන් ජෝන්ස් පන්දු 40 කදී හතරේ පහර 4 ක් හා හයේ පහර 10 ක් සමගින් වේගවත් ලකුණු 94 ක් නොදැවී රැස් කළේය.

ඔහුට අගනා සහයක් ලබාදුන් ඇන්ඩි්‍රයාස් ගවුස් පන්දු 46 කදී ලකුණු 65 ක් රැස් කළේය.

තරගයේ වීරයා සම්මානය ඒරන් ජෝන්ස්ට හිමි විය.

කැනඩාව 194/5 (පන්දු වාර 20)

නව්නීට් ධලිවාල් 61, නිකලස් කර්ට්න් 51, ෂ්‍රෙයාස් මොවුවා 32, කොරී ඇන්ඩර්සන් 1/29 (පන්දු වාර 3), හර්මීට් සිං 1/27 (පන්දු වාර 4)

ඇමරිකාව 197/3 (පන්දු වාර 17.4)

ඒරන් ජෝන්ස් 94, ඇන්ඩි්‍රයාස් ගවුස් 65, මොනාක් පටෙල් 16, ඩිලන් හේලිගර් 1/19 (පන්දු වාර 3), කලීම් සානා 1/34 (පන්දු වාර 4)

advertistmentadvertistment
advertistmentadvertistment