මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා – ඩිල්ෂි සහ ධනුක දක්ෂතා අතරට

187

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් දැන් ක්‍රියාත්මක මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ (05දා) පැවැති තරග ආශ්‍රිතව කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට ඩිල්ෂි කුමාරසිංහ සහ ධනුක හර්ෂණ සමත් වූහ.

ජාතික කනිෂ්ඨ වර්ණලාභී ක්‍රීඩකයෙකු වන අඹගමුව මධ්‍ය මහා විදුහලේ කේ. එම්. ධනුක හර්ෂණ අවුරුදු 20 න් පහළ බාලක මීටර් 400 කඩුළු මතින් දිවීම තත්පර 53.8 තරග නිමි කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීම එහිදී කැපී පෙණුනි.

එමෙන්ම ජාතික කනිෂ්ඨ වර්ණලාභී ක්‍රීඩිකාවක වන ඩිල්ෂි කුමාරසිංහ තමන් සහභාගිත්වය සටහන් කළ ඉසව් ද්විත්වයම ජය ගැනීමට සමත් වූවාය.

මෙවර ක්‍රීඩා උළෙලේ තෙවන දිනයේ තරග ඉසව් අද (06දා) ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් වන මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 


advertistmentadvertistment