වෛද්‍යවරුන්ගේ දෑස් කඳුළින් තෙත් කළ තුන්නෑවේ අප්පුහාමි මාමාගේ අපූරු පිංකම

2810

බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පසුගිය 24 දා දිවා කාලයේ බුලත් විටක් හප හපා පැමිණි මැදිවියේ අයෙක් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා හමුවුණි.

මහත්තයෝ ඉස්පිරිතාලේ කොම්පියුටර් එකක් කැඩිල නිසා හදවත් ලෙඩ්ඩු අසරණයි කියල රෑපවාහිනියේ කිව්වා. මහජන ආධාර එකතු කර අලුත් මැෂිමක් ගන්නවා කියලත් කිව්වා. මමත් හදවත් රෝගියෙක්. සල්ලි ටිකක් දෙන්න ආවේ. මෙතන රුපියල් 25, 000 ක් තියෙනවා.

”‍ඉතින් සල්ලි බැංකුවට දාන්න තිබුණනේ..”‍

”‍අනේ මහත්තයෝ මං ඔය බැංකු වැඩ දන්නේ නැහැනෙ .”‍

ඔහු පැමිණ සිටියේ තුන්නෑව, වරාලන්ද, ගෝඩුන්නේ සිටය. නම ඩී.එම්. අප්පුහාමි. රක්ෂාවට කරන්නේ ගොවිතැන් කටයුතුය.

ඌව පළාතේ දහස් සංඛ්‍යාත හදවත් රෝගීන් වෙනුවෙන් කළ මෙම මහඟු පරිත්‍යාගය අගයමින් හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු ඔහුට ඇන්ජියොග්‍රම් යන්ත්‍රයක වැදගත්කම ගැන පහදා දීමට ද අමතක කළේ නැත.

කිලෝමීටර් 40 වඩා දුර සිට පැමිණ කළ පරිත්‍යාගය අපට කෝටි 25 කටත් වඩා වටිනව බවද වෛද්‍යවරු ඔහුට පවසා තුති පුද කර සිටියේ තෙත් වූ දෑසින් යුතුවයි.
බදුල්ල එච්.එම්.සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment