වයඹ පළාත් සභාවට අයත් රාජ්‍ය ආයතනවල වහල සෙවිලි මතුපිට සුර්ය බල පද්ධති සවි කිරිමේ කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකුල නොවන පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විසින් නම්කරනු ලැබු පුද්ගලික සමාගමක් වෙත ලබා දි තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් 2019 වර්ෂයේ මාර්තු මස 06 වැනිදින වයඹ පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරයා වෙත යොමුකරණු ලැබු ලිපයක් මගින් අදාළ පුද්ගලික සමාගම නම්කරතිබුණි. එම ඉල්ලිමට අනුව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුකුල නොවන පරිදි අදාළ සමාගම වෙත සෘජු කොන්ත්‍රාත් ප්‍රදානයක් සිදුකර තිබු බව විගණන වාර්තාවේ සදහන් වේ. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද වයඹ පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සදහා ඉදිරිපත්කොට තිබු කැබිනට් පත්‍රිකාවට ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලැබුණු බව වයඹ ආණ්ඩුකාර ලේකම් විසින් දන්වා ඇති බවය. ඒ අනුව මෙකි ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක වු බව දන්වා ඇති බවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත.
වයඹ පළාත් සභාව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.