කතානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

313

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු හා තීරණවලට පටහැනිව සම්මත කර ගන්නා බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් ඉදිරිපත් කර සිටියදී එම විරෝධතා නොසලකා හරිමින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තීරණවලට පටහැනිව ආණ්ඩු පක්ෂයට එම පනත් කෙටුම්පතේ යම් යම් වගන්තීන් සම්මත කරවා ගැනීමට ඉඩ ලබා දීමෙන් නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් අද (26) සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ග ඒග සුමන්තිරන්ල ලක්ෂ්මන් කිරිඇල්ලල ජීග ඇල්ග පීරිස්ල තිස්ස අත්තනායකල චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් අත්සන් කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment