මරණ පරීක්ෂණ පැවැත්වීමට අදාළ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමට තීරණය කර තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ මරණ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව පවතින නීතිමය රාමුව සහ ක්‍රියා පටිපාටි හා පිළිවෙත් වැඩි දියුණු කිරීමට හැකිවනු පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට 2022.10.25 දින අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සඳහා මූලික පනත් කෙටුම්පත සකස් කරනු ලැබ තිබේ. එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා නව ඇමැති මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුව, එකී පනත් කෙටුම්පත සකස් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කර තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත