හිටපු SDIG රවීට ඇප

141

බීමතින් රිය පදවා වැල්ලවත්ත මුවර් ප්‍රදේශයේදී අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් 2500 ක මුදල් ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (31දා) නියෝග කළේය.

සැකකාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment