මව සහ පුතුන් දෙදෙනා අතර බහින්බස් වීම දුරදිග යයි – පුතුගේ පොරෝ පහරින් මව රෝහලේ

138

සහෝදරයාටත් තුවාල

මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ එකම පවුලේ මවක් සහ පුතුන් දෙදෙනකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යෑමෙන් පසුව එක් පුතකු විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් මව හා සහෝදරයා තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ මොටින්හෑම් කොටසේ පදිංචි අවුරුදු 41ක් වයසැති පුද්ගලයකු බවත් එම සැකකරු හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ පිළිබඳ මස්කෙළිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment